EB 2026 Book Shelf

Bookshelf › Public Officer Guidelines 2021 › Sinhala › කොටස 11

කොටස 11 — Section (11) — රාජ්‍ය නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් පියවර ගැනීම

රාජ්‍ය නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශ සහ ප්‍රොටෝකෝල - මානව සම්පත් කළමනාකරණය සහ කාර්යාල පද්ධතිය · Sinhala

Ask the AI tutor about this කොටස →

🟡 Section (11) — රාජ්‍ය නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් පියවර ගැනීම

අරමුණ

රාජ්‍ය සේවයට අගතියක් නොවන පරිදි නිලධාරියෙකුට විධිමත් ආකාරයෙන් ඉල්ලා අස්වීමට අවස්ථාව ලබා දීම

සම්පූර්ණ කළ යුතු සුදුසුකම් සහ අදාළත්වය

රාජ්‍ය නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපියක් දෙපාර්තමේන්තු ප්‍රධානියාට ලැබුණු විට පහත කරුණු පැහැදිලි කරගත යුතුය. 01. නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණ කිසිවක් පවතින නොමැති බව හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පදනමක් නොමැති බව 02. නිලධාරියා යම් නිශ්චිත කාලසීමාවක් රජය වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින කිසිදු නීතිමය ගිවිසුමක් හෝ ඇපකරයක් (bond) නොමැති බව. 03. නිලධාරියාගෙන් රජයට හිමිවිය යුතු කිසිදු මුදලක් නොමැති බව. 04. රජය විසින් ලබාදුන් ඇපකරයක් මත තෙවන පාර්ශවයක් විසින් ඔහුට ලබාදුන් සහන සහ වරප්‍රසාද සම්බන්ධයෙන් රජය සතු සියලුම බැඳීම්වලින් ඔහු රජය නිදහස් කර ඇති බව. 05. නිලධාරියා සන්තකයේ ඇති සියලුම රජයේ දේපළ නැවත භාර දී ඇති බව. 06. රජයට සම්බන්ධ කරුණක් සම්බන්ධයෙන් නිලධාරියාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් පවතින නොමැති බව. 07. ඔහු රජය සමඟ ඇති කරගත් ඇපකර ගිවිසුම් සඳහා වෙනත් සුදුසු ඇපකරයක් ලබා දී ඇති බව. 08. ඉල්ලා අස්වීම පිළිගනු ලැබුවහොත්, එය නැවත ඉල්ලා අස්වීමේ ලිපිය ඉල්ලා අස්කර ගත නොහැකි බව නිලධාරියාට ලිඛිතව දැනුම් දිය යුතුය. 09. එවැනි ලිපියක් සෑම විටම පෞද්ගලිකව භාර දිය යුතු අතර, එසේ නොමැති නම් එය ලියාපදිංචි තැපෑලෙන් යැවීමට පියවර ගත යුතුය. 10. කිසිදු තත්ත්වයක් යටතේ රාජ්‍ය නිලධාරියෙකුට අතීතයට බලපාන පරිදි (retrospective effect) ඉල්ලා අස්විය නොහැක 11. නිලධාරියෙකු පත්කිරීමේ අධිකාරියේ තීරණය ලැබීමට පෙර සේවයට වාර්තා කිරීමට අපොහොසත් වුවහොත්, එම නිලධාරියා සිය කැමැත්තෙන් තනතුර අත්හැර ඇති බවට සලකනු ලැබේ. රාජ්‍ය නිලධාරියෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපියක් ලැබුණු පසු භාවිතා කළ යුතු පරීක්ෂණ ලැයිස්තුව (Checklist) ``` Serial Description Available Not No.

ලබාගත හැකි 01 පරිවාස කාලයකට (probation period) යටත් පත්වීම් ලිපිය 02 නිලධාරියාට එරෙහිව විනය පරීක්ෂණ කිසිවක් පවතින බවට හෝ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට පදනමක් නොමැති බවට සහතිකයක් 03 නිලධාරියා නිශ්චිත කාලසීමාවක් සඳහා රජයට සේවය කිරීමට බැඳී සිටින කිසිදු නීතිමය ගිවිසුමක් හෝ ඇපකරයක් (bond) නොමැති බවට සහතිකයක් 04 නිලධාරියාගෙන් රජයට ගෙවිය යුතු කිසිදු මුදලක් නොමැති බවට සහතිකයක් 05 රජය විසින් ලබාදුන් ඇපකරයක් මත තෙවන පාර්ශවයක් විසින් ඔහුට ලබාදුන් සහන සහ වරප්‍රසාද සම්බන්ධයෙන් පවතින ඕනෑම වගකීමකින් ඔහු රජය නිදහස් කර ඇති බවට සහතිකයක් 06 රාජ්‍ය නිලධාරියා සන්තකයේ ඇති සියලුම පොදු දේපළ නැවත භාර දී ඇති බවට සහතිකයක් 07 රජයට සම්බන්ධ ඕනෑම කරුණකට අදාළව නිලධාරියාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොමැති බවට සහතිකයක් 08 රජය සමඟ ඔහු ඇති කරගත් ඇපකර ගිවිසුම් සඳහා ඔහු වෙනත් සුදුසු ඇපකරයක් ලබා දී ඇති බවට සහතිකයක් සකස් කළේ පරීක්ෂා කළේ අත්සන : අත්සන : නම : නම : තනතුර තනතුර : Chief P.H.M. A. ``` දිනය : … රෝහල් ලේකම් / පරිපාලන නිලධාරී (නම සහිත නිල මුද්‍රාව)