EB 2026 Book Shelf

Bookshelf › Public Officer Guidelines 2021 › Sinhala › කොටස 02

කොටස 02 — Section (02) — ඉතිහාස පත්‍රිකා (History Sheets) යාවත්කාලීන කර පවත්වාගෙන යාම

රාජ්‍ය නිලධාරීන් සඳහා වන මාර්ගෝපදේශ සහ ප්‍රොටෝකෝල - මානව සම්පත් කළමනාකරණය සහ කාර්යාල පද්ධතිය · Sinhala

Ask the AI tutor about this කොටස →

🟠 Section (02) — ඉතිහාස පත්‍රිකා (History Sheets) යාවත්කාලීන කර පවත්වාගෙන යාම

අරමුණ

නිලධාරියෙකු පත්වීම් ලැබූ දින සිට විශ්‍රාම යන දින දක්වා සේවා විස්තර නිවැරදිව තහවුරු කිරීම.

සුදුසුකම් සහ අදාළත්වය

  1. රාජ්‍ය සේවයට විධිමත් පත්වීමක් ලබා තිබීම (සේවා විනාඩිය/ බඳවා ගැනීමේ පටිපාටිය)
  2. පත්වීම භාරගෙන තිබිය යුතුය

අවශ්‍ය ලේඛන සහ වාර්තා

  1. ඉතිහාස පත්‍රිකාව (History Sheet) විශ්‍රාම වැටුප් හිමි තනතුරකට පත් වූ නිලධාරියෙකු සඳහා – Form 53 a, මාසික වැටුප් ලබන නිලධාරීන් සඳහා - Form General 234, දිනක වැටුප් ලබන නිලධාරීන් සඳහා - Form 226 a’

1.1 ඉතිහාස පත්‍රිකාවක් (History Sheet) යාවත්කාලීන කිරීම

අදාළ නිලධාරියා පහත විස්තර ඇතුළත් කර ඉතිහාස පත්‍රිකාව යාවත්කාලීන කිරීමෙන් පසු එය රෝහල් ලේකම් / පරිපාලන නිලධාරී වෙත ඉදිරිපත් කළ යුතුය. • නිලධාරියාගේ සම්පූර්ණ නම ජාතිකත්වය සහ වාර්ගිකත්වය උපන් දිනය • එය සත්‍යාපනය කළ ආකාරය ස්ථිර ලිපිනය පත්කිරීම් දිනය සහ තනතුර W&OP අංකය කාර්ය මණ්ඩල නිලධාරියාගේ අත්සන අධ්‍යාපනය ලැබූ ස්ථානය අධ්‍යාපන සුදුසුකම්

යාවත්කාලීන කරන ලද ඉතිහාස පත්‍රිකාවක් (History Sheet) පවත්වාගෙන යාමේදී සටහන් කරගත යුතු විස්තර

  1. නිලධාරියා මීට පෙර රජයේ හෝ අර්ධ රජයේ ආයතනයක සේවය කර නොමැති බව තහවුරු කරමින් අත්සන ලබාගත යුතුය. 2. නිලධාරියා මීට පෙර රාජ්‍ය සේවයේ සේවය කර ඇත්නම්, පෙර ආයතනයේ ප්‍රධානියා හරහා නිසි ලෙස සහතික කරන ලද විස්තර සහිත ඉතිහාස පත්‍රිකාව ලබාගත යුතුය. එම ඉතිහාස පත්‍රිකාව අදාළ නිලධාරියාට පෙන්වා එහි ඇති විස්තර නිවැරදි බවට ඔහුගේ අත්සන ලබාගත යුතුය. 3. පළමු පත්වීම් ලිපියට (එම පත්වීම් ලිපියේ අංකය සහ දිනය) අනුව රාජකාරි ආරම්භ කළ දිනය සහ එම දිනයට අදාළ වැටුප් පියවර සඳහන් කළ යුතු අතර, එය රෝහල් ලේකම්/පරිපාලන නිලධාරියා විසින් මුලකුණු කළ යුතුය. 4. වැටුප් වර්ධක ගෙවීම්. 5. කාර්යක්ෂමතා කඩඉම් (Efficiency Bar) විභාග සමත් වීම. 6. "වර්ධක කල්දැමීම්" රතු තීන්තෙන් සටහන් කළ යුතුය. 7. වර්ධක නැවැත්වීම/ අඩු කිරීම/ අත්හිටුවීම. 8. වැටුප් සංශෝධන. 9. ස්ථාන මාරුවීම් (රෝහල් ලේකම්/පරිපාලන නිලධාරියා අත්සන් කර නිල මුද්‍රාව තැබිය යුතුය) (එක් දෙපාර්තමේන්තුවක සිට තවත් දෙපාර්තමේන්තුවකට මාරු වන විට, පෙර දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ඉතිහාස පත්‍රිකාවේ පිටපතක් තබාගෙන මුල් පිටපත රහස්‍ය කවරයකින් තැපෑලෙන් නව දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.)
  2. උසස්වීම්
  3. පත්වීම්/ ස්ථාන මාරුවීම්/ තනතුරෙන් නිදහස් වීම/ ඉල්ලා අස්වීම්/ අත්හිටුවීම් (interdictions)
  4. නැවත සේවයට බඳවා ගැනීම
  5. තනතුර වෙනස් වීම
  6. පෙනී සිටිය හැකි වාර ගණන සීමිත විභාග සඳහා අයදුම් කිරීම. 15. භාෂා ප්‍රවීණතා අවශ්‍යතා සම්පූර්ණ කිරීම සහ භාෂා දීමනා ගෙවීම. 16. ප්‍රශංසා සහ දෝෂාරෝපණ (ආයතන සංග්‍රහයේ VI පරිච්ඡේදයේ 2.9.3 කොටස අනුව, ප්‍රශංසා සහ දෝෂාරෝපණ පිළිබඳ විස්තර General 230 (B) පෝරමයේ සහ ඉතිහාස පත්‍රිකාවේ ඇතුළත් කළ යුතු අතර එහි පිටපත් පුද්ගලික ලිපිගොනුවේ ගොනු කළ යුතුය.)
  7. අර්ධ වැටුප් සහ වැටුප් රහිත නිවාඩු, දකුණු පස ඇති අනෙකුත් සටහන් යටතේ ඇතුළත් කළ යුතුය
  8. අධ්‍යයන නිවාඩු හෝ වැටුප් රහිත විදේශ නිවාඩු
  9. විනය නියෝග
  10. විශ්‍රාම ගැන්වීම
  11. මරණය 1.2 ඉතිහාස පත්‍රිකාවක අන්තර්ගත විය යුතු විස්තර පිළිබඳ පරීක්ෂණ ලැයිස්තුව (Checklist)
Serial Description                                      Available     Not available
No.

01 නිලධාරියාගේ සම්පූර්ණ නම 02 උපන් දිනය සහ එය තහවුරු කළ ආකාරය 03 ජාතිකත්වය සහ වාර්ගිකත්වය 04 ජාතිකත්වය සහ වාර්ගිකත්වය තහවුරු කළ ආකාරය 05 මාණ්ඩලික නිලධාරියාගේ අත්සන 06 අධ්‍යාපනය ලැබූ ස්ථානය 07 ස්ථිර ලිපිනය 08 පත්වීම් දිනය සහ තනතුර 09 අධ්‍යාපන සුදුසුකම් 10 පරිපාලන නිලධාරියාගේ/ රෝහල් ලේකම්වරයාගේ අත්සන 11 රජයේ/ අර්ධ රජයේ ආයතනයක සේවය කර ඇත්ද යන්න 12 රජයේ/ අර්ධ රජයේ ආයතනයක සේවය කර නොමැති නම් අත්සන

13 රාජකාරියට වාර්තා කළ දිනය, පත්වීම් ලිපියේ අංකය, වැටුප් පරිමාණය සහ පියවර (step) සකස් කළේ පරීක්ෂා කළේ අත්සන : අත්සන : නම : නම : තනතුර : තනතුර : ``` රෝහල් ලේකම්/ පරිපාලන නිලධාරී (නම සහිත නිල මුද්‍රාව) දිනය :… • සියලුම ඇතුළත් කිරීම් ඉදිරියෙන් පුද්ගලික ලිපිගොනුවේ අදාළ පිටු අංකය සටහන් කළ යුතුය. • නිලධාරියෙකුගේ ඉතිහාස පත්‍රිකාවක (history sheet) කිසියම් අහිතකර අදහසක් දක්වා ඇත්නම්, එය ඔහුට දැනුම් දිය යුතුය. ඉතිහාස පත්‍රිකාවේ එම සටහන සඳහා මාණ්ඩලික නිලධාරියෙකුගේ මුලකුරු තිබිය යුතුය.

මූලාශ්‍ර

I. 20.02.2009 දිනැති අංක 1589/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පටිපාටි රීති (I වන වෙළුම) සහ එහි සිදු කරන ලද සංශෝධන. II. ආයතන සංග්‍රහයේ VI වන පරිච්ඡේදය III. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/95, 14/2005, 7/2018 IV. විශ්‍රාම වැටුප් පිළිබඳ විනාඩි (Minutes on Pensions), විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 2/95 සහ 3/2015